ආහාර බෝග ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රිය භාණ්ඩ මැදිරියක්: ඇමති

ප්‍රවාහනයේදී සිදුවන හානිය අවම කිරීම සඳහා එළවළු වැනි ආහාර බෝග දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට පියවර ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවසීය.

නුවරඑළියේ (නානුඔය) සිට කෙළින්ම කොළඹට එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ භාණ්ඩ මැදිරියක් නිර්මාණය කරමින් සිටින බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ කැප්පිටොපොල සිට ආර්ථික මධ්‍යස්ථාන හතරක් හරහා කොළඹට එළවළු ප්‍රවාහනය කළ බවත් ප්‍රවාහනයේදී සිදුවන හානිය විශාල බවත්ය.

“මේ එළවලු කැප්පිටිපොළ ඉඳලා කොළඹට එන්න කලින් හතර වතාවක් බාගෙන ලොරිවලට පටවන්න ඕනෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *