ruwan wijewardene

ආර්ථික තුවාලය තව ටික දිනයි – රුවන් විජයවර්ධන

රටේ ආර්ථික තුවාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් තව ටික දිනකින් සම්පූර්ණයෙන්ම සුව කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

තුවාලයකට උනත් බෙහෙත් දානවිට වේදනාවක් දැනෙන බව කී විජයවර්ධන මහතා මේ වන විට රටේ ආර්ථිකය නමැති තුවාලය සුවපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බෙහෙත් දමමින් සිටින බව සඳහන් කළේය.

ඉදිරියේදී  ආර්ථිකය සුවපත් වූ විට ජනතාවට මීට වඩා සහන ලබාදිය හැකි බවද රුවන් විජයවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය සැබෑව ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *