ද්‍රවිඩ සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ බි්රතාන්ය ශාඛාවක් ඇතුළුව කොටි හිතවාදී සංවිධාන 250ක් විසින් මෙරට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන හමුදා නිලධාරින් ඇතුළු 59කට එරෙහිව ජාත්‍යන්තර ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි අගමැති බොරිස් ජොන්සන් ගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඉකුත් යහපාලන රජය තහනම ඉවත් කළ බි්රතාන්ය කොටි හිතවාදී සංවිධාන කීපයක් ද එම ඉල්ලීමට දායක වී ඇති බවට වාර්තා වන අතර, එරට ආරංචි මාර්ග පවසා සිටින්නේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව බි්රතාන්ය කොටි හිතවාදීන් විසින් යුද අපරාධ චෝදනා එල්ල කළ මුල් වතාව මෙය බවයි.