තමාට රාජකාරි කිරීමට විවිධ බාධා එල්ල වන බව පවසමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සිටින ඇතැම් පිරිස් ක්‍රීඩා අමාත්‍ය ධූරයට ආසාවෙන් සිටින බවයි.
අදටත් තමන් සහ ජනාධිපතිවරයා අතර ප්‍රශ්න ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“මට කැබිනට් මණ්ඩලයේ සහයෝගය ලබාගන්න ඕන. මම ඇත්ත කිව යුතුයි. මට බාධා තියෙනවා. සමහරු ක්‍රීඩා අමාත්‍යාංශයට ආසාවෙන් ඉන්නවා. මමත් ජනාධිපතිතුමාත් අතර ප්‍රශ්න ඇති කරන්නත් සමහරු උත්සාහ කරනවා. ඒ ඔක්කොම ක්‍රීඩා සමාජවල තියෙන සල්ලි නිසා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කල්තැබීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආණ්ඩුවේ කිසිවකු ක්‍රීඩා අමාත්‍යාංශයට ආසාවෙන් කටයුතු කරනු ඇතැයි තමන් කිසිවිටෙක විශ්වාස නොකළ බවයි. “විපක්‍ෂයේ කිසිවකු එම තනතුර දෙස බලා සිටිනවාදැයි මම නොදනිමි,” ඔහු පැවසීය.
ක්‍රීඩා අමාත්‍යාංශය ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් එය මහවැලි, කෘෂිකර්ම, මහාමාර්ග අමාත්‍යාංශය මෙන් නොවන බවත් අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසීය.