ආගමන විගමන පනත පූර්ණ සංශෝධනයකට යොමු කිරීමට තීරණය කර තිබෙන බව ආගමන විගමන පාලක ජෙනරාල් පසන් රත්නායක මහතා සඳහන් කරයි. ඒ සදහා මූලික කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් කර ඇති බවත් එය නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවත් ඔහු දන්වා සිටී.
ගෝලීය තාක්ෂණික අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් පනත සංශෝධනය කරනු ලබන අතර මෙය පූර්ණ සංශෝධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.