‘අහිංසක ජනතාව ගොදුර බවට පත්වෙලා‘ – මහාචාර්ය සීතා බණ්ඩාර

ආර්ථික අර්බුදය ඇති කළ පුද්ගලයන් සුවසේ සිටියෙදී, අහිංසක ජනතාව එහි ගොදුරු බවට පත්ව ඇති බවත් ආණ්ඩුව ණය බර මේ වන විට ජනතාවට බාරදී ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය පැවසුවාය.

පාලකයන් පළමු වතාවේ ජනතාවගේ ධනය ඍජුව සොරකම් කර ඇති බවත් දෙවැනි වතාවට ඔවුන් බදු හරහා මහජනතාවගේ ධනය සොරකම් කිරීම විශාලම ගැටලුව බවට පත්ව ඇති බවත් ඇය කීවාය.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව කොළමදී පැවැති අතර එහිදී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය එසේ පැවසුවාය.

මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“2010 – 2014 කාලසීමාවේ අපේ දේශීය විදේශීය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම තිබුණේ සියයට 76.13ක අගයකයි. 2022 වන විට මේ දේශීය විදේශීය ණය ප්‍රතිශතය සියයට 113.8ක් දක්වා වර්ධනය වුණා. ප්‍රශ්නය වෙන්නේ මේ ගොල්ලෝ දිගින් දිගටම ණය ගත් එක. 2007 – 2014 කාලය ඇතුළත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (අයිඑස්බී) මගින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5000 ක පමණ ණය  අරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *