අහඹු පී සී ආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මේ වන විට සිදු නොකිරීම හේතුවෙන් සමාජය තුළ පැතීරි ඇති කොවිඩ් ආසාදිතයින් පිළිබඳ නිසි පරිදි දත්ත ලබා ගැනීමට නෙැහැකි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගන්නා පුද්ගලයින්ගේ දෙවන පෙල සහ තුන්වන පෙල ආශ්‍රිතයින් හදුනා ගැනීමද මේ වන විට සිදු නොවන බවය.
මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින්ට වඩා වැඩි ආසාදිතයින්ගේ පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේය.