අයවැය යෝජනා සමාලෝචනය අගෝස්තු 28 වැනිදා සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
2024 අයවැය යෝජනාවලිය සඳහා ලැබී ඇති යෝජනා අගෝස්තු 22 දක්වා සමාලෝචනය කළ බව ඊයේ යටියන්තොට පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පවතින තත්ත්වය අනුව ලබන වසරේදීත් අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවන බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් රටේ ආර්ථිකය බංකොලොත් භාවයෙන් ධනාත්මක ආර්ථිකයක් කරා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.