අයදුම්පත් ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරපත් කිරීමට අවස්ථාවක්

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහනට, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරත වීම යන කරුණු මත සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන් හට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.

ඒ අනුව www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති දැන්වීමට අනුව සිය අභියාචනය සකස් කර සැප්තැම්බර් මස 15 වන දිනට පෙර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දෙයි. අනතුරුව එම අභියාචනා සැළකිල්ලට ගෙන සුදුසුකම් ලබන උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීමට අපේක්ෂා කරන බව ජේ.ජේ. රත්නසිරි මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *