ඉඩම් අමාත්‍යාංශයේ මෙන්ම, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව රාජ්‍ය ආරක්ෂක , හා ආපදා කළමනාකරණ, අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18 ක් වන අතර
ආගමන විගමන දෙපාර්තමේන්තුව, රෙජ්ස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනද ඊට අයත් වේ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැසට් කර තිබේ.
ඉඩම් අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව 7 ක් වන අතර ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය, ඉඩම් මැනුම් සභාව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව හා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවද ඉඩම් අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.