අමාත්‍ය ධුරවල වෙනසක්

කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා ද, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද පත්කර තිබේ.

මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්කර ඇත්තේ ඔහු හොඹවන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරවය.

එසේම වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හොඹවන කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කර තිබේ.

දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *