අප්‍රේල් 11 සිට 17 දක්වා වන විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ…

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලබන සතියේ විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ඉල්ලීමකට අනුව විදුලි කප්පාදුව අනුමත කර ඇත.

ඒ අනුව අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුළ පැය හතරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

අප්‍රේල් අලුත් අවුරුදු උත්සවය යෙදෙන අප්‍රේල් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවේ.

අප්‍රේල් 16 සහ 17 යන දෙදින තුළ පැය 2 යි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *