අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්…

අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.

2022 අප්‍රේල් 01 සිට 2022 ජූනි 30 දක්වා කාලය අවසන් වන රියදුරු බලපත්‍ර මාස 6කින් දීර්ඝ කරන බව දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, 2022 ජූලි 01 සිට 2022 සැප්තැම්බර් 30 දක්වා කාලය අවසන් වන බලපත්‍ර මාස 3ක් සඳහා දීර්ඝ කෙරේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ කල් ඉකුත් වූ දිනයේ සිට දීර්ඝ කිරීම ක්‍රියාත්මක වන බවයි.

මුද්‍රණ ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කාඩ්පත් වෙනුවට තාවකාලික බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *