බරපතළ අපරාධ සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන කටයුතු මාස 3 ක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
එම ලිපියෙන් නීතිපතිවරයා පෙන්වාදී ඇත්තේ රටේ අපරාධ පිළිබඳව සිදුකරනු ලබන විමර්ශනයන් බොහොමයක් විවිධ හේතූන් මත ප්‍රමාද වීමත්, එම විමර්ශනයන් කඩිනමින් අවසන් කිරීමට නොහැකි වීම පිළිඹදව දැඩි අවධානයට ලක්විය යුතු බවයි. මෙම අකාර්යක්ෂමතාවය මෙරට යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීමට හේතු වී ඇති බව නීතිපතිවරයා එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.