ආනයනය කරනු ලබන සියලූම ඉස්ලාමීය ආගමික ග්රන්ථ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට යොමුකරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. එමෙන්ම මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග්රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ අන්තවාදී ඉස්ලාමීය ආගමික ග්රන්ථ ඉවක් බවක් නැතිව මෙරටට ගෙන්වා මද්රසා පාසල්වලට බෙදාහැර තිබීම නිසායි. වාර්තා වන අන්දමට මෙම අන්තවාදී ඉස්ලාමීය ග්රන්ථ ආනයනය කිරීමට ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහයාද ලැබී ඇති අතර, පාකිස්තානය, කටාර් සහ සෞදි අරාබියාව යන රටවලින් මෙම අන්තවාදී ඉස්ලාමීය ග්රන්ථ මෙරටට ගෙන්වා තිබේ.