Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අධිකරණයට අපහාස කළැයි චෝදනා: විමල් වීරවංශට නොවැම්බර් 30 පෙනී සිටින ලෙස යළි නොතීසි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අධිකරණයට අපහාස කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාළව කරුණු දැක්වීම සඳහා නොවැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත යළි නොතීසි නිකුත් කර තිබේ.

හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් අධිකරණයට අපහාස කිරීමක් වන බවට චෝදනා කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

වීරවංශ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර ද නොතීසි නිකුත් කර තිබූ නමුත්, නියමිත දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නොවැම්බර් 30 වැනිදා සඳහා යළි නොතීසි නිකුත් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.

ඔබේ අදහස