මෙවර අවුරුදු නැකත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද දින යෙදී ඇත. ඒ අනුව අද රාත්‍රී 08.09 සිට හෙට පෙරවරු 08.57 දක්වා පුන්‍ය කාලය බව නැකැත් සීට්ටුවේ සඳහන්ය. ඒ අනුව රාත්‍රී 08.09 ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.
අළුත් අවුරුදු උදාව හෙට අලුයම 02.33ට යෙදී ඇත. ඒ අනුව මෙවර අළුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත හෙට පෙරවරු 06.17ට ද,
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය යන නැකැත හෙට පෙරවරු 07යි 41ට යෙදී තිබේ.