අද පැමිණීමට නියමිතව තිබූ කටාර් ගුවන් යානය හෙට මෙරටට ලගාවේ

අද දිනයේ කටාර් සිට මෙරටට පැමිණීමට නියමිතව තිබී අත්හිටවනු ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-218 විශේෂ ගුවන් යානය අද (26) රාත්‍රියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.

එම ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් 273 දෙනෙක් සිටින බවත් එම විශේෂ ගුවන් යානය හෙට (27) අළුයම 5.30 ට පමණ වනවිට කටුනායක ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

අදාළ ගුවන් යානය කටාර් රාජ්‍යයේ, දෝහා නුවර සිට අද අලුයම 5.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *