අදියර කිහිපයක් යටතේ සියලු විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු කරන බවත්, මේ පිළිබඳ යෝජනාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර සිටියි.
පළමු අදියර යටතේ විශ්වවිද්‍යාල වල වෛද්‍ය පීඨවල හා දන්ත වෛද්‍ය පීඨවල සායනික පුහුණුව සඳහා යන සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතව ඇති බවත් එම කණ්ඩායමට 5800 කට අධික පිරිසක් සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටී.
එම කණ්ඩායමට එන්නත් ලබා දීමේන අනතුරුව විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හදාරන 140,000 ක් පමණ වන සමස්ත සිසුන්ටද එන්නත් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.