අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය ට වෘත්තීය සමිතිවලින් ප්‍රතිචාර

කෙරවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගෙන යන වෘත්තීය අරගලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව වරාය, ඛනිජ තෙල් ඇතුළු ආයතන ගණනාවක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වෘත්තිය සමිති පවසයි.

විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පත්කරමින් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද අදහස් පළ කළේය.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,

“විදුලිබල මණ්ඩලය ආණ්ඩුව තමන්ගේ පාලනයෙන් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව සමස්ත බලශක්ති ක්ෂේත්‍රය අමෙරිකාව සතු කරන්න යනවා. ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් අත්‍යවශ්‍ය සේවා පනවලා අපි ගන්න යන ක්‍රියාමාර්ග අත්හිටුවන්න.. ඒක අසාර්ථකයි.”

වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන, රාජ්‍ය බැංකු හා පළාත් පාලන ආයතන අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් රජය විසින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් නිවාරණය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් කරුණු සැලකිල්ලට ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *