ඊයේ (16) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන සිව්දෙනා අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලබා දී තිබූ උපදෙස් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ.