අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට මේ වනවිට අයැදුම්පත් ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.
ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායට මෙම පිරිස බඳවා ගැනීමට නියමිතයි. ලබන 26 වෙනිදා සිට 29 වෙනිදා දක්වා ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබේ. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසා සිටින්නේ.