අජිත් රෝහණ ඇතුළු SDIG වරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්.

අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

අජිත් රෝහණ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් එම්.ඩී.ආර්.එස් දමින්ද නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලිව්.කේ සිල්වා මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හා රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මාරුකර යවා තිබේ.

සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *