අක්කරෙයිපත්තුව මුලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයෙක් වන වෛද්‍ය ජාවාහිර් මහතා නැවත අක්කරෙයිපත්තුව මුලික රෝහලට පැමිණීමට විරෝධය දක්වමින් අක්කරෙයිපත්තුව මුලික රෝහල ඉදිරිපිට රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් විරෝධයක් පවත්වනු ලැබීය.
මෙම වෛද්‍ය අධිකාරිවරයා පැමිණීමට විරුද්ධව අක්කරෙයිපත්තුව මුලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යරුන් කණ්ඩායමක් ද විරෝධතාවය පැවැති ස්ථානය පැමිණ විරෝධයට සහය දැක්වීය.
මීට වසර කිහිපයකට පෙර ජවාහිර් නැමැති වෛද්‍ය අධිකාරිවරයා මෙම රෝහලේ සේවය කර ඇති අතර එම අවස්ථාවලදි නිතර නිතර වෛද්‍යරුන් සහ සේවක මණ්ඩලය අතර ගැටිම් ඇති කරගත් පුද්ගයෙක් බවද රෝහල් කමිටු සාමාජිකයක් පැවසීය.
විවිධ සටන් පාඨ පුවරු රැගත් රෝහල් කමිටු සාමාජිකයින් සටන් පාඨ කියමින් පැය දෙකකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූ අතර මේ වෙනවිට පවතින තත්වය පිලිබදව රෝහල් කමිටුවේ සාමාජිකයින් විසින් සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරාය දැනුවත් කර ඇති බවද සදහන් කළේය.