ෆවුසි නිදොස් කොට නිදහස් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් රාජ්‍ය වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි නිදහස් කර තිබෙනවා.

රජයේ වාහනයක් අවභාවිත කර රජයට පාඩු කළ බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයාට චෝදනා

ෆවුසිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2016 වසරේදී නඩුවක් ගොනු කළේය.

2010 සිට 14 දක්වා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු වාහනයක් සන්තකයේ තබාගෙන පරිහරණය කළැයි කියන චෝදනාව මත ෆවුසිට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීමෙන් පසු අලුතින් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් නඩුව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍යවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *