හෙද වර්ජනයෙන් රෝගීන් අසරණ වෙයි

ඉල්ලීම් කිහිපයක් මුලකර ගනිමින් මෙරට ප්‍රධාන හෙද සංගම් තුනම එක්ව අද ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩපණ වී තිබේ.

ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව වර්ජනය නිසා පත්වූයේ දැඩි අපහසුතාවයකටය.

මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව අද උදෑසන 7 සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණි.

වර්ජනයට හේතු වු කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

*හෙද නිලධාරින් වසර 5න් 5ට ශ්‍රේණිගත උසස්වීම් ලබාදීම

* දින 6ක සේවා සතිය වෙනුවට රජයේ අනෙකුත් සේවකයින්ට මෙන් දින 5ක සේවා සතියක් ලබාගැනීම.

*කොවිඩ් වසංගතය හමුවේ හෙද නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම.

කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන, මතෘ හා ළමා රෝහල් මෙන්ම මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල්වල හැර දිවයිනේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හෙද කාර්ය මණ්ඩල අද වර්ජනයට එක්ව සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *