හිරුණිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  අමල් රණරාජ මහතා  නියෝග කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට හිටපු මන්ත්‍රීවරිය වරදකරු කරමින් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු 2015 වසරේ දෙසැම්බර් 21 වැනි දා ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කළේය.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරීය අභියාචනයක් ඉදිරිපත් කරන බව හිරුණිකාගේ නීතිඥයෝ ප්‍රකාශ කලහ.

දඬුවම් නියම වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *