වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ පොලිස් රාජකාරියට බාධා කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇතුළු 15 දෙනාට එරෙහි විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් දෙසැම්බර් මස 8 වැනි දින ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළාය.
මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කර සිටියේ විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයා සඳහා යවා ඇති බවය.
2022 නොවැම්බර් 14 වැනි දින පොලිස් වසමේ රාජකාරියේ නිරතව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අන්දමින් වීදි නාට්‍යයක් පවත්වා මහජන පීඩාවන් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,චාන්දනී කුසුමලතා සහ සඳරුවනි රොද්‍රිගු, නයනා නිලන්ති, මනුනාථ ජයවීර, සිරෝමනී පියදර්ශනී,නිරූපා අයිරාංගනී, නිරූපා අතු කෝරළ වයි.ධනුෂිකා,පුෂ්පා රංජනී, දිනූෂා දීප්ති, අනුරාධා රාජිනී, ශ්‍රියා කුමාරී , එස් ලලිතා, තක්ශිලා නිකලස් අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාගේ උපදෙස් දෙසැම්බර් මස 08 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.