ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආමාත්‍ය මණ්ඩලයට වැරදි තොරතුරු සපයා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවා ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (02) දැනුම් දුන්නේය.
ගබඩාවල ඖෂධ තිබියදී ඖෂධයක් හිඟ බව බොරුවට මවා පාමින් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය සිය`ථ කරුණු සොයා බලා නිවැරදි නියෝගයක් දී ඇතැයිද කීය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය බල රහිත කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකකරුවන් වශයෙන් රහස් පොලිසියේ අධ්යක්ෂවරයා ඇතු`ථ පිරිසක් නම් කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහත්වරු හමුවේ මෙම පෙත්සම සළකා බලන ලදී.