හිටපු හමුදා සාමාජිකයින් ආපසු ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් රුසියාවට

යුධ කටයුතු සඳහා රුසියාවේ යොදවා සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සඳහා ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියෝජිත පිරිස කටයුතු කරන අතර ඊට අදාළ සාකච්ඡා ජුනි 26 සහ 27 දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

බ්‍රික්ස් සංවිධානයේ ශ්‍රී ලංකාවට හිමිවිය හැකි සාමාජිකත්වය පිළිබඳව තීරණය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව සමාලෝචනය කිරීම නිලධාරීන් කණ්ඩායමකට පැවරී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඔවුන්ගේ වාර්තාව මේ මස අගදී බලාපොරොත්තු වේ.

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මේ බව අවධාරණය කළේ ‘ස්ථාවර රටකට සාමූහික මාවත’ යන තේමාව ඔස්සේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *