හිටපු මහ ඇමති සරත් ඒකනායක අත්අඩංගුවට…

හිටපු මහ ඇමතිවරයෙකු හා හිටපු ආණ්ඩුකාරවරයෙකු වන සරත් ඒකනායක මහතා මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

පෙරේදා දිනයේ ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පරගහදෙනිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

එම රිය පදවා ගෙන පැමිණ තිබුණේ හිටපු ආණ්ඩුකාරවරයා වන අතර සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව පොලිස් ඇප මත ඔහු මුදා හැර තිබේ.

අනතුරින් තුවාල ලැබූ රියදුරකු මාවතගම රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *