හිටපු ජනපති අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි.

නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

එම වෙඩි ප්‍රහාරයෙන් හල්ලොලුව මහතාට කිසිදු හානියක් සිදු වී නොමැති උවත් එම මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ නීතිඥවරයකු බව කියන අයෙකුට සුළු තුවාල සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

තුසිල් හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනකු අහසට වෙඩි තබා පසුව මෝටර් රථය නවත්වා ඉදිරිපස වීදුරුවට වෙඩි තබා ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

⁣තුසිත හල්ඔලුව යන අය පසුගිය දිනෙක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් කතාබහට ලක් වූ අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමකටද ලක් වූ අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *