වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ද තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස ඔහු නම් කර තිබු අතර මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත පැමිණ බාර විය.