විවිධ හේතු නිසා එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් සියයට 90ක් පමණ යළි එජාපය සමග එකතු වීමට සූදානමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.
එම පාක්ෂිකයින් මෙන්ම වැඩ කරන ජනතාව සමග එක්ව ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වන බවද රවී කරුණානායක මහතා කීය.
කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.
පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් හතු පිපෙනවා සේ බිහි වන ජන පදනමක් නැති දේශපාලන සන්ධාන වලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැතැයි ද එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින්නේ යැයි ද රවී කරුණානායක මහතා කීය.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද කරුණානායක මහතා කීය.