ආණ්ඩුවට සහය දක්වන පිරිසක් සහ ආණ්ඩුවට එරෙහි තවත් පිරිසක් අතර හලාවතදී ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය සහ ආරක්ෂක අංශ යොදවා තිබුණි.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රමුඛ රජයට හිතවත් පිරිසක් පුත්තලම දෙසට පා ගමනින් යද්දී එක්සත් ජාතික පක්ෂයේ සහ තවත් පිරිසක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් පිරිසක් මුහුණට මුහුණ ගැටී ගැටුම් ඇතිකර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව පොලිසිය පවසයි.
ගැටුමෙන් වාහන දෙකකටද අලාභ හානි සිදුවී ඇත