තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන්කරයි.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ බාරයේ පසුවන හරක් කටා නැමැත්තා අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකථනය ඔහුට ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
එම සිද්ධියත් සමගම සැකකරු සම්බන්ධයෙන් පවතින අපරාධ නඩු සඳහා සාක්ෂි ලබාදීමට ඉදිරිපත් සිටින පිරිස් මෙන් ප්‍රතිවාදී කල්ලිවල සාමාජිකයන් දැඩි බියකින් පසුවන බවද වාර්තා වෙයි.
එමෙන්ම සැකකරු වෙත ජංගම දුරකථන ලද ආකාරය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරේ.