හදිසි අනතුරුවලින් වසරකට 12,000 ක් මරුට

හදිසි අනතුරු හේතුවෙන් 10000- ත් 12000 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව සිදුවන 145000 පමණ වන සමස්ථ මරණ අතුරින් 8% ක් හදිසි අනතුරු නිසා සිදුවන බවද එම ඒකකය සඳහන් කරයි.

සෑම මසකම දළ වශයෙන් 1000 දෙනෙකුගේ පමණත් දිනපතාම 30 දෙනෙකුගේ පමණත් විවිධ අනතුරු නිසා රටට අහිමි වේ. හදිසි අනතුරු මරණ 7500 ත් -8000 කට අධික ගණනක් සිදුවන්නේ ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමු කිරීමටත් පෙර බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර සඳහා ශ්‍රී  ලංකාවේ රෝහල්වෙත යොමු කෙරෙන රෝගීන්ගෙන් 2500- ත්  3000 ක් අතර ගණනක් වාර්ෂිකව මියයන  බවත් බෝ නොවන රෝග ඒකකය පවසයි.

ජාතික අනතුරු නිවාරණ සතිය අද(7) සිට ලබන 11 වනදා දක්වා පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය මඟින් විශේෂ වැඩපිලිවලක් සකස් කර තිබේ.

ඒ අනුව ජූලි 07 මාර්ග අනතුරු වැළැක්වීමේ දිනයත්, ජූලි 08 – සේවා ස්ථානයන්හි අනතුරු වැළැක්වීමේ දිනයත්, ජූලි 09 -නිවෙස් සහ වැඩිහිටි නිවාස වලදී වන අනතුරු වැළැක්වීමේ දිනයත්, ජූලි 10 – දියේ ගිලීම් වලින් වන අනතුරු වැළැක්වීමේ දිනයත් සහ ජූලි 11 – පාසල්,පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්යිස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයත් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *