සෞඛ්‍යය හා අධ්‍යාපනයේ වර්ජන පාලනයට නව නීතියක්

සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩ­ාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාසැල් පැවැත්වෙන කාලසීමාවන්වලදී ඉගැන්වීමේ කටයුතුවලට බාධාවන් සිදු වන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හා අනිසි ක්‍රියා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරනු ලදුව, එවැනි අනීතික ක්‍රියා මඟින් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු කරනු ලබන අසාධාරණයන් වැළැක්වීම පිණිස නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කල බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *