’’සුදු අලි’’ ආයතන වසා දමන්න වෙයි

රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතුදැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සූදානම් බව කී ජනාධිපතිවරයා සමහර ආයතන වසා දමන්නටත් සමහර ආයතන ඒකාබද්ධ කරන්නටත් ඇතැම් ආයතන වල විෂය පථය වෙනස් කරන්නටත් සිදු වෙනු ඇතැයි කීය.

එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මේ දිනවල හඳුනා ගැනීම් කරමින් සිටින බව කී ජනාධිපතිවරයා එය අභියෝගාත්මක තීන්දුවක් බව දන්නා නමුත් කළ යුතුම ක්‍රියාවක් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ යැයි පැවසීය.

මෙතෙක් ආයතන පවත්වාගෙන යාම සඳහා ගෙන ගිය පරිපාලනය අසාර්ථක මෙන්ම දූෂිත විනාශකාරී බව කී ජනාධිපතිවරයා එම නිසා බොහෝ ආයතන ප්‍රමාණයක් රාජ්‍ය අයවැයට බරක් වී තිබෙන බව සඳහන් කළේය.

පැරැණි කෝණයෙන් ආයතන දෙස බලන්නේ නැතිව ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කරන්නට රජය සූදානම් යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *