සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම පරීක්ෂණයේ ලිපි ගොනු උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඊට අදාළ පිළිතුරුද මේ වනවිට ලැබී ඇතැයි ඔහු පැවසීය.
එසේ කර ඇත්තේ එම වංචාවට නඩු දැමීම සඳහා උපදෙස් ලබාගැනීමට බව ඔහු කීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආයතන 12ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කර ඇති බවත් එමගින් ආයතන 6කින් ඔවුන් ලැබූ ලාබයෙන් රුපියල් කෝටි 31ක් අයකර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා ඒ බව හෙළිකළේය.