සී.සී.ටී.වී. දඩයට බිය වූ ජනතාව මෝටර් රථ කාර්යාලයේ පිරෙති

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් ඊයේ(31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි

පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසය රථ වාහන වැරදි නිරීක්‍ෂණය කර වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ යොමු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමඟ මෙම තදබදය ඇති වූ බවත් වාහන ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙවැනි ජනතාවක් සේවා ගැනීමට පැමිණි පළමු අවසථාව මෙය බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම කාර්යාලයෙන් සේවා ගැනීමට එන සියලු දෙනාට ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට කටයුතු කරන බව කී එම නිලධාරියා ලිපි පරීක්‍ෂාව ඇතුළු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයට ජනතාව කාලය දියයතු බවත් එම නිලධාරියා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *