සිස්ටම් චේන්ජ් පුළුවන් රනිල්ට විතරයි

රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ වන විට ජනාධිපතිවරයා සිස්ටම් චේන්ජ් කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවද රණතුංග මහතා කීය.

ආණ්ඩුව කිසිසේත් මැතිවරණ කල් දැමීමට කටයුතු කරන්නේ නැතැයි පැවසූ ප්‍රසන්න රණතුංග මහතා නියමිත දිනට මැතිවරණ පැවැත්වීමට ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද කීවේය.

ඔන්ලයින් පනත මෙරටට අත්‍යවශ්‍ය බවත් නීති විරෝධී ක්‍රියා සිදුකරන, වෛරය වපුරන පුද්ගලයින්ට ඉන් ගැලවිය නොහැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සදහන් කළේ  බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *