තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා ද කාබනික පොහොර ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබේ.
ඒ, ඊයේ දිනයේ සිටය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ රජයේ පොහොර සමාගම් 02 ට මෙම අවසරය ලබාදුන් බවය.
මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට ලබාදී තිබුණි.
ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශය සදහාද අවස්ථාව ලබාදීමට නියමිතය.
මෙරට ප්‍රථම වරට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර රට තුළ මේ වනවිට නිෂ්පාදනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේය.
කාබනික නයිට්රජන් හා පොටෑසියම්, අවශ්‍ය තරම් ආනයනය කර ඇති බව ඔහු කියාසිටියාය. ඒ අනුව හෙක්ටයාර් 01 කට නයිට්රජන් කිලෝග්‍රෑම් 300 ක් හා පොටෑසියම් කිලෝග්‍රෑම් 45 ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.