සහල් මිල ඉහලට…

හැටන් හා ආශ්‍රිත නගරවල සහල් මිල මේ වන විට සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් හා ආශ්‍රිත නගරවල සුදු කැකුළු සහල් 150ත් 160ත්, රතු කැකුළු සහල් රුපියල් 160ත් 170ත්, නාඩු සහල් රුපියල් 170ත් 180ත්, අතර මිලකට අලෙවිවෙයි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ සහල් මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

සහල් මෙන්ම අනිකුත් ආහාර ද්‍රව්‍යද මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම මෙම ආහාර ද්‍රව්‍ය මෙසේ ඉහල ගියද තම ආදායම් තත්වයන් ඉහල ගොස් නැති බවත් මෙම තත්වයන් මත තමන්ට මේ වන විට ජිවත් විමද ප්‍රශ්නයක්වි ඇති බවත්ය.

සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙසේ ඉහල යාම් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන නගරයේ වෙලද සැල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ සහල් ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍යවල තොග මිල ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මෙසේ සහල් ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍ය මිල දිනෙන් දින මෙසේ ඉහල යන තත්වයන් මත පාරිභෝගිකයන්ට මිල ගනන් පවසන විට සමහර පාරිභෝගිකයන් තමන්ට බැන වදින අවස්ථාද පවතින බවත් එම වෙලදුන් කිප දෙනකුම වැඩි දුරටත් පවසන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *