‘සහචර ධනවාදයෙන්’ රට මුදාගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව සමඟ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (6) පැවසීය.
එම ජනාධිපතිවරණය ‘සහචර ධනවාදයෙ ඉදිරියට ගෙන යන පිරිස සහ සහචර ධනවාදය ප්‍රතික්ෂේප කරන පිරිස අතර මැතිවරණයක් බවට පත්වන බවත් බදු ඉහළ දමා, නිෂ්පාදන ආර්ථිකය විනාශ කර, රටේ ආර්ථිකයට ඇතුළු වීමට හැම පැත්තෙන්ම දොරටු විවෘත කර ඇති බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.
මෙම ක්‍රමය මීට පෙර ‘ගජමුතුරු ධනවාදය’ ලෙස හැදින්වුවද දම්ම දිසානායක මහතා මෙය ‘සහචර ධනවාදය’ ලෙස නම් කර ඇති බව කී මහාචාර්යවරයා ‘ගජමුතුරු ධනවාද’ කල්ලිය අධික පොලියට ණය ගෙන අනවශ්‍ය දේ රටට ගෙන ආ බව ද සඳහන් කළේය.
ඊළඟ ජනාධිපතිවරණයේදී සංවාද අවකාශය අත්පත් කරගත යුත්තේ ආර්ථිකය නිවැරදි කරන ආකාරය පිළිබඳ අවදානය යොමු කිරීමට බවත් පවතින ආකෘතියට ජනතාව තුළ විශාල විරෝධයක් ඇති බවත් ඒ මහතා කීය.
සාමාන්‍ය ජනතාව කන්න බොන්න නොමැතිව හූල්ලන විට ආණ්ඩුවේ පිරිස ඒ අහසේ ජෙට් යවමින් නිදහස සමරන්න බව කී ඒ මහතා මෙම තත්වය විශාල අර්බුදයකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව ආර්ථික කළමනාකරණය රටේ ජනතාව සතුටු කිරීමට නොව අයි.එම්.එෆ්. කොළඹ නියෝජිතයන් සතුටු කිරීමට ක්‍රියාත්මක කරන බවත් වර්තමාන ආණ්ඩුව සහ රටේ ජනතාව අතර විශාල පරතයක් ඇති බවත් ඒ මහතා පැවසීය.
ආණ්ඩුවේ අය තමන්ටම ඇහෙන්න කථා කර තමන්ම සතුටු වෙන තත්වෙක පසුවන බව කී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ අයි.එම්.එෆ්. සතුටු වන ආකාරයට ආර්ථිකය ගෙන යෑමට ආණ්ඩුවේ ප්‍රධානීන් මිත්‍යාදෘෂ්ඨියන් බවට පත්ව ඇති බවත්ය.