සරසවි සිසුවා නේවාසිකාගාරයෙන් වැටී ජීවිතක්ෂයට

කැලණිය විශ්ව විද්‍යාලයේ සී. ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිවුවන මහලින් ඇද වැටීමෙන්  සිසුවෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

23වනදා අළුයම සිදුව ඇති  මෙම අණතුරින් මියගොස්  ඇත්තේ  කැලණි විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යන  පීඨයේ ගණකාධිකරන අංශයේ සිවුවන වසරේ ඉගෙණුම ලැබූ ප්‍රින්ස්‍ රාජු බණ්ඩාර නැමති රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.  තරුණයෙකි.

සැන්ඩා නමින් විශ්ව විද්‍යාලය තුල ආදරණීය  නමකින් ප්‍රසිද්ධව සිටි සිසුවා කන්නන්ගර නේවාසිකාගාරයේ අංක 416 කාමරයේ නේවාසිකව සිට ඇත. තුවාල ලැබූ සිසුවා කිරිබත්ගොඩ  රෝහලට ඇතුලත්  කර ඇති නමුත්  ප්‍රථිකාර  කිරීමටද පෙර ඔහු මිය ගොස් ඇත.

සිද්ධිය  පිලිබදව  කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ  ආරම්භ  කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *