සමිත්පුර කුඩු රොෂාන් ඝාතන සැලැස්ම වරදී

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමිත්පුර කුඩු රොෂාන් නැමැත්තා ඝාතනය කිරිම සදහා සූදානම් කළ බව කියන යතුරුපැදියක් සමඟ සැකකරුවන් දෙදෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 22 ක් සහ මිලිග්‍රෑම් 700 පොලිසිය සොයාගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *