සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
එම සංගමය සඳහන් කරන්නේ මෙවැනි වංචාවන්වල වැඩිවීමක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇති බවයි.
අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වැනි ක්‍රම හරහා එවැනි වංචා සිදුවන බව අනාවරණ වී ඇති අතර මෙම මූල්‍ය වංචා මෙහෙයවනු ලබන පුද්ගලයන් තම බැංකු ගිණුමට හෝ වෙනත් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දුවූ සේවාව ලබාදීම මගහරින බව හෙළිවී තිබෙන අතර පහසු ණය යෝජනා ක්‍රම ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත ලබාගැනීමට කටයුතු කරන බවක් ද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන්වා. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය තුලින් හෝ අන්තර්ජාලය හරහා මෙම සේවා ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් ලබාදෙන ලෙසයි එම සංගමය පෙන්වා දෙන්නේ.