‘සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියට කටයුතු කරනවා‘ – සජිත් ප්‍රේමදාස

“මිහින්තලා  ප්‍රකාශනයේ” සඳහන් වන ආකාරයට විහාර ගම් දේවාල පනත යළි සකස් කිරීම සඳහා  මහා සංඝරත්නය,  විශේෂඥයින්, ප්‍රවීණයන්  සියලු  කොටස්කරුවන් ඇතුළු  සියළු  පාර්ශව කරුවන් සමග සාකච්ඡා කොට  සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා   අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් යුතුව   කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා  මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (2දා) සවස  මිහින්තලේ කුරුන්දන් කුලම  ග්‍රැන්ඩි  හෝටලයේ  පැවති  පැවති” මිහින්තලා ප්‍රකාශනය” එළි දැක්වීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.

“මිහින්තලා ප්‍රකාශනය” මිහින්තලේ නායක හාමුදුරුවන්ගේ යෝජනාවක් පරිදි සකස් කල උන්වහන්සේගේ නිර්මාණයක් .  ආර්ථික සාමාජීය ආගමික වශයෙන්

ශක්තිමත් කොට සෞභාග්‍යමත් රටක්බුදු දහම කේන්ද්‍ර  කොටගත් සෙසු ආගම්වලට ශක්තියක් ලැබෙන රටක් ,

යුක්ති ගරුක නීතිගරුක සාමකාමී දියුණු  රටක් නිර්මාණය කිරීමේ ඓතිහාසික මිහින්තලා යෝජනාවලිය අද මහා සංඝරත්නය හා සෙසු ආගමික නායකයන්ගේ සහයෝගය මැද   එලි දැක්වුවා.

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනතා ආශිර්වාදය මැද  මේ රටේ තාවකාලික භාරකාරත්වය  සීමා සහිත කාල වකවානුවකට භාරගෙන ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නට මමත් මගේ කණ්ඩායමත් සැදී පැහැදී සිටින බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.මොනම ආකාරයකටවත් ඒ සදහා  ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕන ඕන විදිහට  භාවිතා කිරීමෙන් වලකින්න අපි කටයුතු කරනවා.

විශේෂයෙන්ම ඉපැරණි රජදරුවන් දවස අපේ රටෙි   ශිෂ්ඨාචාරය    ඉතාමත්ම ඉහළ තැනක තිබුණා.  සැමට සෞභාග්‍ය උදාවූ ඉපැරණි වාරි සංස්කෘතිය තුළ  එවන් ශ්‍රෙෂ්ඨ සංස්කෘතිකයක දැඩි බලාපොරොත්තු මේ මිහින්තලා ප්‍රකාශය තුළ සඳහන් වී තිබෙනවා.

මේ මිහින්තලා ප්‍රකාශනයේ සත්‍ය වශයෙන්ම යෝජනා වන්නේ අපේ   මාතෘ භූමිය වෙනුවෙන් රට වෙනුවෙන් විශේෂයෙන් ලක්ෂ 220ක් වූ ජනතාව වෙනුවෙන්    යුතුකම් ඉෂ්ට කිරීමයි.

විශේෂයෙන් දුක් විඳින ජනතාව එයින්  මුදාගෙන මේ රට සෞභාග්‍යමත් රාජ්‍යයක් කරා ගෙන යාමයි. ජාතික සංහිඳියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කොට   ජයග්‍රහණය කරා ගෙන යාමයිි.  ආගමික ප්‍රසිද්ධස්ථාන සංවර්ධනය කොට    ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කොට ගෙන.ශිෂ්ඨ සම්පන්න විනයගරුක සාමකාමී   ජන සමාජයක් ගොඩනැගීම  සඳහා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමයි .  ආගම දහම තුළින් නිර්මාණය වන යහපත් භාවය  . සමාජයේ දහම් සුවඳ ව්‍යාප්ත වන ඒ ඒ ආගම්වල  සංස්කෘතීන්  ආරක්ෂා වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

ඒ වගේම ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා යෝජනා,  ඒ වගේම විවේචන ඒ හැමදේකටම සවන් දීලා යහපත් මානසිකත්වයකින් මේ ඉදිරිපත් කරන යෝජනා රටේ දියුණුව  සඳහා  ක්‍රියාත්මක කරන්නට  අපි අවංකවම කටයුතු කරනවා .ඒ වගේම විශේෂයෙන්ම    විවිධ ආගම් වලට සම්බන්ධ අය  , ආදිවාසී ප්‍රජාව, ඇතුළු මේ හැම ජන කොට්ඨාසයකම   හැම ආගමකටම සම්බන්ධ සියලුම දෙනා එකමුතු කරගත්තහම මහා දැවැන්ත පුදුම ශක්තියක් ඇතිවෙනවා.  ශ්‍රී ලාංකිකත්වය  අපේ රටේ ප්‍රධානතම අභිවෘද්ධියයි .

ඒ හැම ජන කොටසක්ම එකතු කරගෙන ඒ තුළ ඇතිවන ඒ මහා ජන බලවේගය  තුලින්  කඩා වැටුණු ගරා වැටුණ මෙි  දේශය සුවපත් කරන්න    අපි ඇප කැප වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *