සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම ජාතික ආණ්ඩු අදහස ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිඳු ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

“අපි මීට වසර දෙකකට පෙර වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජාතික ආණ්ඩු යෝජනාවක් ප්‍රතික්ෂේප කළා. අද අපි මේ තීරණය අලුත් කළා,” මද්දුම බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *